Friday, May 23, 2014

ආදරණීය සෙලෙස්තිනා

ආදරණීය සෙලෙස්තිනා,
දැන් නම් කොලඹට යන්න හයිවේ හදලලු ..හවස් වෙන්න කලින් දැන් කොළඹට ‍යන්නත් පුලුවන් ලු..ගෑස් පහ හන්දියයි සෙක්කු වීදීයයි දැන් හරිම ලස්සනයි බන් සෙලෙස්තිනා..හිතේ හැටියට ඇවිදින්න පුලුවන් දැන්..ඒත් දැන් කයිමන් දොරකඩ නම් හොයගන්න උඹට තියා මටත් අමාරුයි බන් ..බේරේ වැවත් දැන් හරිම ලස්සනයි සෙලෙස්තිනා.එකේ මැද ලස්සන හෝටලයක් හදනවලු බන්. දැන් උඹේ හිනාවට සමකරන්න බේරේ වැවට උඩින් හඳ පායන්නෙ නෑ බන් මේ හෝටලෙ හින්දා..උඹ දන්නවද සෙලෙස්තිනා දැන් ශාන්ත බස්තියන් ඇලත් හරිම ලස්සනයි ලඟදිම අපි දෙන්නට ආයෙ පාරු නැතත් හන්ස බොට්ටුවෙන් ‍යන්න පුලුවන් වෙයි...මහ මන්කඩත් දැන් හරිම ලස්සනයි සෙලෙස්තිනා කවි මඩු නැතත් හිතේ හැටියට ඇවිදින්න පුලුවන් මහ රැක උනත්..ට්‍රැම්ප් කාර් ගිය පාරෙ පීලී උඩින් ලස්සන සිමෙන්ති ගල් අල්ලලා අපිට දැන් ඒ පාරෙත් ඇවිදගේන යන්න පුලුවන් සෙලෙස්තිනෝ..හැමදේම වෙනස් උනත් මට තාමත් උඹ කවදත් ලස්සනයි සෙලෙස්තිනා..  
               

Saturday, February 22, 2014

සාරිය

සෙල්ලමට සාරිය
දවටන් ගත 
අකුරු උගන්වන්නට 
ගියා සෙල්ලම් ඉස්කෝලෙට..
මන් චූටී කාලේ..
ඒ සාරියම දවටන් 
බෙල්ල 
එල්ලිලා ගියා
දිව්‍ය ලෝකේට 
අපෙ ගුරුතුමා 
මට බැනපු වෙලාවේ..

Sunday, February 2, 2014

මොනව ලියන්න ද

මුතු පබා මිතුරී ගෙන් හරිම කරදරේ මොනවා හරි ලියල බ්ලොග් එකට දාන්න කියල ..:p එත් ඉතින් මොනව දාන්නද මන්දා ඉස්සර වගෙ කවි සිතුවිලි හිතට එන්නේ නැති තරම්..වයසට යනකොට කවි සිතුවිලි පහල වෙන්නෙ නැති ද මන්දා ..එහෙමත් නැතිනම් ආදරයත් විරහවත් එපා වෙලා ද මන්දා..

බිත්ති හතරෙන් එක පැත්තක් රෝස පාට ගෑව හින්ද ද මන්දා බොහොම ටිකක් ආදරේ හිතට දැනෙනවා :p..හොඳ වෙලාවට බිත්ති හතරම රෝස පාට නොකලේ :පී එහෙම උනා නම් විඳින එක කෙසේ වෙතත් විඳවන්න නම් වේවී :p..

Thursday, January 23, 2014

Wednesday, July 4, 2007

Akuru Karana Mage Sitha


wat a life this
it has sadness and happiness