Friday, May 23, 2014

ආදරණීය සෙලෙස්තිනා

ආදරණීය සෙලෙස්තිනා,
දැන් නම් කොලඹට යන්න හයිවේ හදලලු ..හවස් වෙන්න කලින් දැන් කොළඹට ‍යන්නත් පුලුවන් ලු..ගෑස් පහ හන්දියයි සෙක්කු වීදීයයි දැන් හරිම ලස්සනයි බන් සෙලෙස්තිනා..හිතේ හැටියට ඇවිදින්න පුලුවන් දැන්..ඒත් දැන් කයිමන් දොරකඩ නම් හොයගන්න උඹට තියා මටත් අමාරුයි බන් ..බේරේ වැවත් දැන් හරිම ලස්සනයි සෙලෙස්තිනා.එකේ මැද ලස්සන හෝටලයක් හදනවලු බන්. දැන් උඹේ හිනාවට සමකරන්න බේරේ වැවට උඩින් හඳ පායන්නෙ නෑ බන් මේ හෝටලෙ හින්දා..උඹ දන්නවද සෙලෙස්තිනා දැන් ශාන්ත බස්තියන් ඇලත් හරිම ලස්සනයි ලඟදිම අපි දෙන්නට ආයෙ පාරු නැතත් හන්ස බොට්ටුවෙන් ‍යන්න පුලුවන් වෙයි...මහ මන්කඩත් දැන් හරිම ලස්සනයි සෙලෙස්තිනා කවි මඩු නැතත් හිතේ හැටියට ඇවිදින්න පුලුවන් මහ රැක උනත්..ට්‍රැම්ප් කාර් ගිය පාරෙ පීලී උඩින් ලස්සන සිමෙන්ති ගල් අල්ලලා අපිට දැන් ඒ පාරෙත් ඇවිදගේන යන්න පුලුවන් සෙලෙස්තිනෝ..හැමදේම වෙනස් උනත් මට තාමත් උඹ කවදත් ලස්සනයි සෙලෙස්තිනා..  
               

2 comments:

Unknown said...

සෙලෙස්තිනා හිනා වෙයි

sutikki said...

ow ow eki kohomath Hina wenawa thamay :D :D :D